දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර නිරන්තර අවබෝධය ගැනීම මගින් ඇති කර ගත් එකඟතා වඩාත් සාර්ථක කර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම වර්තමානයේ සිදු කරන ශ්‍රී ලංකා සංචාරය ඊට කදිම අවස්ථාවක් බවයි.

දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රගති සමාලෝචනයට පෙර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් වන කැපවීම ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව මගින් ණය සීමාව ඉහළ යාමක් සිදු නොවන බව අමාත්‍යවරයා පවසයි. එමගින් සිදු වන්නේ දැනට රුපියල් බිලියන 5000 සීමාවේ පවතින රජයට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත හැකි ණය සීමාව 6000 දක්වා ඉහළ දැමීම පමණක් බවයි සියඹලාපිටිය මහතා පවසන්නේ.

පොලී අනුපාතය ඉහළ මට්ටමක පවතින තත්ත්වයක් යටතේ රජයට දේශීය වශයෙන් කෙටි කාලීනව ණය ලබා ගත හැකි ක්‍රමය වන භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ගැනීමේ සීමා ඉහළ දැමීම වාසිදායක බව හෙතෙම පෙන්වා දෙයි.

– Media unit



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More