දේශීය පුවත්

එළඹෙන මැයි 14 දින අස්ගිරි මහා විහාරයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමල බෝගස් හතර පුණ්‍ය භූමියේ දී සියම් උපසම්පදා සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ දේශපාලනඥයන් පිරිසක් හා ඔවුන්ට සම්බන්ධ පිරිසක් විරෝධය පළ කරමින් සිටින බවත් වාර්තා වේ.

සියම් රට භික්ෂූන් වහන්සේලා වඩම්මවා උපසම්පදා කර්මය මෙරට සිදු කර මේ වන විට වසර 270 ක් ගත වී ඇති අතර, එය නිමිත්තෙන් සියම් දේශයෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා සියක් නමක් පාද චාරිකාවේ යෙදී සිටින බවත් වාර්තා වේ.

උන්වහන්සේලා ගේ  අභිප්‍රාය වී ඇත්තේ සියම් දේශයෙන් වැඩම කළ උපාලි මහ තෙරුන්වහන්සේ ඇතුළු විසි එක් නම ප්‍රථමයෙන් විවේකව වැඩ සිටි ත්‍රිකුණාමල බෝගස් හතර පුණ්‍ය භූමියේ සැමරුම් උත්සවයක් සිදු කිරීමයි. මෙම කටයුත්තට මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් විරෝධතා දක්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිය පහළින්…

සම්බුද්ධ ශාසනික අයිතිය බෞද්ධයන්ගෙන් පැහැර ගනිමින් සිටින උතුරේ අන්තවාදී දේශපාලකයින්ගේ බෞද්ධ විරෝධී මෙහෙයුම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More