අරගලය කාලකණ්නි වැඩක් යැයි කියූ විට සමහරුන්ට රිදුණ බවත්, එහෙම රිදුනේ මේකට සම්බන්ධ අයට බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඇමැතිවරයා පැවසුවේ සාමකාමී අරගලකරුවන්ට ගෙවල් ගිනි තියන්න, මිනිස්සු මරන්න රාජ්‍ය දේපළ විනාශ කරන්න අවශ්‍ය වුනේ නැති බවද, එහෙම උවමනාවක් තිබුනේ කාලකණ්නින්ට බවය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ ඇමැතිවරයා,
“පුළුවන්නම් එන්න කියන්න මගේ ගෙදරට. මම තනියම ඉන්නවා. අරගලය කාලකණ්නි වැඩක් කිව්වම සමහරුන්ට රිදුණා. එහෙම රිදුනේ මේකට සම්බන්ධ අයටයි. “
විපක්ෂයේ අය මිනිස්සු මරන්න උපදෙස් දුන් බවද ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ට විරුද්ධව පැමිණිලි රාශියක් ඉදිරිපත් වී තියෙන අතර තවම නඩු පවරා නැතැයි ද, මේ ගැන හොයා බලන්නැයි අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලන බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...