දේශීය පුවත්

ජනතාව අර්බුදයට පත්වී සිටින මේ මොහොත පාවිච්චි කරමින් ආණ්ඩුව නොයෙක් පනත් ගෙනවිත් සම්මත කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටින බවත්, සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ද පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සංශෝධන පනතක් දණ්ඩනීති සංග්‍රහයට ගෙනවිත් ඇති බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(11) පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසීය.

සමලිංගික චර්යාවන් මෙරට නීතියේ අපරාධ වරදක් ලෙස සඳහන් වුවද, අධිකරණ තීන්දු අනුව පොලිසිය පසුගිය කාලයේ එසේ දඬුවම් කිරීමෙන් වැළකී සිටි බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල තිබෙන ආකාරයේ අමානුෂික පීඩාවන් මෙරට නොමැති බවද, යම් ආකාරයකින් එසේ තිබෙනවා යැයි උපකල්පනය කරමින් එවැනි සංශෝධනයක් ගෙන එන්නේ නම් ඒ සඳහා 365 වගන්තියේ සුළු සංශෝධනයක් කිරීම මගින් කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

එහෙත් 365 ‘ආ‘ වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් මෙම ගෙන එන සංශෝධනය සිදු කිරීම මගින් බරපතළ ගැටලු ගණනාවක් නිර්මාණය වන බව හා එමගින් ලෝකයේ ළමා අපචාර ප්‍රවර්ධනය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

මානුෂීය හේතුවකට මුවා වෙමින් මේ සිදුකිරීමට සැරසෙන්නේ ළමා අපචාර ප්‍රවර්ධනය කිරීමට අනුබල දීමක් බවද, එමගින් ඕනෑම ළමා අපචාරයක් සිදුකර ඕනෑම අයෙකුට ගැලවී යා හැකිවන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More