ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 800 ක් පමණ දුරින් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ වර්ධනය වී තිබෙන ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය අද (12) සවස් වන විටදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
“මොඛා“_ (Mocha) යනුවෙන් නම් කර ඇති මෙම සුළි කුණාටුව අනිද්දා (14) දහවල් වන විටදී ගිනිකොන දිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ නමුත්, මෙම පද්ධතියට ලංකාව හරහා සුළං ධාරා ගමන් කිරීම නිසා අද දිනයේදීද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...