දේශීය පුවත්

කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය පවසන්නේ, ඇහැලියගොඩ ප්‍රදේශයේ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිවී ඇති බවයි.

කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව මෙම වැඩ සටහන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන ව්‍යාපෘතියකි.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඕමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරයි.

දැනට පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බවත් යසන්තා මාපටුන මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More