පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මගින් අහෝසි වීම සිදු වේ.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත් පැරණි මනාප ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවන අතර, ඒ අනුව පළාත් පාලන මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...