දේශීය පුවත්

මෙරට දේශපාලන අනාගතය භාරගන්නා පිරිසට පසුගිය සමයේ ඇති වූ අරගලය වැනි සිදුවීම් පිළිබඳ නිවැරැදි කියවීමක් අවශ්‍ය බවත්, විමල් වීරවංශ මහතා ලියූ කෘතියේ මේ පිළිබඳව නිවැරැදි තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

69 ලක්ෂයක ජනවරමක් ලබා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වඩා බලයක් හිමිකරගත් ගෝඨාභය හිටපු ජනාධිපතිවරයාට එම ජන වරම ලැබුනේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට පාලනය කිරීමට බවද, එහෙත් ඔහුගේ ගමන පසුව වෙනස්වූ බවද ඒ මහතා පවසයි.

ආණ්ඩුව තුළ සිටිමින් හා ආණ්ඩුවෙන් ඉවත්වූ පසුවත් තමන් ඇතුළු වර්තමානයේ උත්තර ලංකා සභාගය තුළ සිටින සියලු දෙනා එදා උත්සාහ දැරුවේ ජනාධිපතිවරයාගේ එම ගමන නිවැරැදි කිරීමට යැයි පවසන ගෙවිඳු කුමාරතුංග මහතා, එසේ නිවැරැදි කිරීමට විරුද්ධව විවිධ බලවේග එදා ක්‍රියාත්මක වූ බවත් පවසයි.

උත්තර ලංකා සභාගය ඊයේ(11) දින සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී ගෙවිඳු කුමාරතුංග මහතා මෙම අදහස් පළ කළ අතර, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අමෙරිකානු, ඉන්දියානු විජාතික බලවේග වලට යටත්වුනාද? පුවුලේ උදවියගේ බලපෑමට යටත්වූවා දැයි යන්න පිළිබඳවත් ඒ මහතා මෙහිදී කරුණු හෙළිදරව් කිරීමක් සිදුකළේය.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More