වව්නියාව දිස්ත්‍රික්කයේ නැදුන්කර්නි ප්‍රදේශයේ නයිනමඩු රක්ෂිත භූමිය තුළ පිහිටා ඇති වඩුන්නාගල බෞද්ධ පුරාවිද්‍යා භූමියේ පුරාවිද්‍යාත්මක සාක්ෂි විනාශකරමින් එම ස්ථානයේ හින්දු ශිවලිංගයක් තැන්පත් කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම පිටුපස ඇති සත්‍ය කතාව සොයා පසුගිය දා ‘අනාගතය අපි‘ සංවිධානයේ ගවේෂණයක් සිදුවිය.
මෙම ගවේෂණයේදී අදාළ ස්ථානය පිළිබඳව ඉපැරණි බෞද්ධ පුරාවිද්‍යා සාධක රැසක් හමු වූ බවත්, වඩුන්නාගල පුරාවිද්‍යා භූමිය සතු ඓතිහාසික බෞද්ධ පදනම එම සාක්ෂි හරහා හෙළිවන බවත් එම සංවිධානයේ ඉසුරු ප්‍රසංග මහතා පවසයි.
මෙම ස්ථානයේ ඓතිහාසික පසුබිම ක්‍රි.පූ. 2 වැනි සියවස දක්වා දිවෙන බව H.C.P බෙල් මහතා හා සෙනරත් පරණවිතාන මහතා හෙළිකර ඇති බවද, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ද මෙහි බෞද්ධ උරුමය පැවසෙන සාක්ෂි බොහෝමයක් සොයාගෙන ඇති බවද, ඉසුරු ප්‍රසංග මහතා පෙන්වා දෙයි.
වර්තමානයේ උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවෙමින් පවතින බෞද්ධ පුරාවිද්‍යාත්මක උරුමයන් සංහාරය කිරීම හුදු ආගමික ගැටුමක් නොවන බවත්, මෙය උතුරේ දෙමළ දේශපාලකයන්ගේ දේශපාලන වුවමනාවක් මත සිදුකරමින් පවතින ක්‍රියාවලියක් බවත් මෙම ගවේෂණයේ දී පැහැදිලි වූ බවත් ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...