දේශීය පුවත්

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ හා පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ ගැටලු ඇති බව පවසමින් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

එම පනත් කෙටුම්පත්හි සඳහන් වධහිංසා පැමිණ වීම් හා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, සාධාරණ නඩු විභාග සහතික කිරීම වැනි කරුණු කෙරෙහි දැඩි වැඩි අවධානයක් යොමු කරන ලෙස ද එම ලිපිය මගින් පෙන්වා දී ඇති බව පැවසේ.

ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල වන ත්‍රස්තවාදයේ නිර්වචන යොදා ගැනීම, නිරවද්‍යතාව හා නෛතික සහතිකය තහවුරු කිරීම, අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම යන කරුණු පිළිබඳව ද මෙම ලිපිය මඟින් පෙන්වා දී ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More