දේශීය පුවත්

තම සන්ධානයේ ඉල්ලීම පරිදි බලය බෙදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ උතුරු නැගෙනහිර ජනතා නියෝජිතයන් සමග ඒකාබද්ධ සාකච්ඡාවකට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ දෙමළ දේශපාලන ඉල්ලීම වී ඇත්තේ ඒකාබද්ධ උතුරු නැගෙනහිරට පෙඩරල් පන්නයේ ස්වයං පාලනයක් ලබාදීමයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පසුගිය මැයි 9 වැනිදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පැවසුවේ,

” අපි කිව්වා අපි ඒක උතුර වෙනම නැගෙනහිර වෙනම කියලා අපිව සලකන්න බෑ. අපි එකතුව තමයි ඒ ගැන කතා කරන්නේ කියලා. ඒකට ජනාධිපතිතුමා දැන් එකග වුනා,” යන්නය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද්‍රවිඩ පක්ෂ වලට ලෝක කම්කරු දිනයදා කළ ආරාධනයෙන් පසු පැවැත්වෙන මෙම සාකච්ඡා දින දෙකක් තුළ පැවැත්වීමට නියමිත බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“පළමුවෙන්ම 11 වැනිදා සංහිදියාව සම්බන්ධව සියළු කාරණා ටික ඉඩම් ප්‍රශ්න ගැන කතා කරන්නත්, පහුවදා 12 වැනිදා බලය බෙදීම ක්‍රමය ගැන සාකච්ඡාවට අපි එනවා. ඒකට උතුරු නැගෙනහිර පළාත් දෙකම නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ආරාධනා ලැබෙනවා.”

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්ගේ මූලිකත්වයෙන් එම සාකච්ඡාවට සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යන් රාසමානික්කම් සහ තවරාසා කලෙයරසන් යන මන්ත්‍රීවරුන්ද සහභාගී වූ බව සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More