දේශීය පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනි ගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත්, එසේ තමන් කොමිස් ලබාගත් බවට කළ ප්‍රකාශවලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී 09 වැනිදා සවස ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මෙම නෞකාවෙන් ශ්‍රී ලංකාවට අයවිය යුතු වන්දි මුදල ලබා ගැනීම වැළැක්වීම සඳහා, එම සමාගමෙන් චාමර ගුණසේකර නමැති පුද්ගලයකු කොමිස් මුදලක් ලබා ගෙන ඇති බවය.

එහිදී එම වෙබ් අඩවිය වාර්තා කර සිටියේ චාමර ගුණසේකර යනු මංජු නිශ්ශංක බවය.

මෙම ප්‍රකාශයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තමන් ලන්ඩන් නුවර දින 05 ක කාලයක් ගත කළ බවත්, එම කටයුතු සාර්ථක ලෙස නිමා කිරීමෙන් පසුව තමන් මෙසේ යළි ශ්‍රී ලංකාව වෙත පැමිණි බවත් මංජු නිශ්ශංක මහතා පැවසීය.

මෙම වෙබ් අඩවිය එංගලන්තයේ පදිංචිකරුවකු විසින් එරට පවත්වා ගෙන යන බැවින්, තමන් ද එංගලන්තයේ ලන්ඩන් වෙත ගොස් මෙම අධිකරණමය ක්‍රියාමාර්ග වෙත එළඹි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රකාශය සාවද්‍ය බවට පිළිගෙන එම වෙබ් අඩවිය පොදු ප්‍රකාශයක් සිදු කිරීම සහ තම කීර්තිනාමයට වූ හානියට වන්දියක් ලබා ගැනීම මෙම නඩු පැවැරීම මගින් තමන් ලන්ඩන් අධිකරණයෙන් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

– කටුනායක ටී.කේ.ජී. කපිල
– දිවයින –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More