ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට තිස් දෙදහස් තුන්සිය හැටහයක් (32,366) දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එසේම දිවයිනෙන්ම ඩෙංගු මරණ 18 ක් වාර්තා වන බවත්, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන බවත් එම ඒකකය පවසයි.
ඒ අනුව මේ වනවිට බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත් සඳහන්ය.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6700 ක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1300 ක් වාර්තා වේ.
දිවයිනෙන්ම වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් පාසල් යන වයසේ (අවුරුදු 5 – 19 අතර) දරුවන් සියයට 25 ක ප්‍රමාණයක් සිටින බවද සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...