ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වී සිටී.
එහිදී අධ්‍යාපන ඇමැතිවරයා ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙයිමි සද්‍රා මහතා (Jaime Saavedra) සමග සාකච්ඡා පවත්වා තිබේ.
එම හමුවේදී ගෝලීය වශයෙන් අනෙකුත් රටවල නව ආධ්‍යාපනික ප්‍රවේශයන් මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වත් නුදුරු අනාගතය තුළ සපුරාගත යුතු ගෝලීය ආධ්‍යාපනික ඉලක්ක ජයගැනීම උදෙසා මෙරට අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් හා සිදු විය යුතු සංකල්පීය වෙනස්කම් පිළිබඳ වත් කරුණු සාකච්ඡා වී ඇත.
මෙරට අධ්‍යාපන ධාරිතාව පුළුල් කිරීම උදෙසා පවතින සීමාවන් හා අභියෝග පිළිබඳව ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...