දේශීය පුවත්

මන්නාරම දිස්ත්‍රීක්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ විසින් පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වෙතට මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත.

පසුගියදා වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සහ දරා ඇතැත් ළමුන් දෙදෙනො එම පිරිසෙන් බේරී කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන්ට බිය වී අදාල වෑන් රථය පලා ගොස් තිබුණි.

මේ පිළිබඳව අදාල පාසල් ළමුන්ගේ දෙමාපියන් විසින් මන්නාරම පොලීසියට හා පාසල වෙතට දැනුම් දීමෙන් පසුව මන්නාරම් දිසාපති කාර්යාලය , පාසල් විදුහල්පතිවරුන් මන්නාරම පොලීසිය, යුදහමුදාව හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සාකච්ඡාවක්ද සිදුකොට පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමේ වැඩසටහනක් දියත් කොට ඇත.

මේ අනුව මන්නාරම් නගරයේ පිහිටි පාස්ල් ඉදිරිපිට මෙන්ම මාවත් වෙතටත් ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා යුදහමුදාව යොදවා ඇති අතරම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව ළමුන් දැනුවත් කොට ඇත්තේ පයින් යන්නේ නම් තනිවම පාරේ ගමන් නොකරන ලෙසටත් කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසටත්ය.

එමෙන්ම නිවසින් පාසල වෙතට පැමිණෙන විටද බොහෝ සෙයින් තවත් පිරිසක් සමග පැමිණීමට පියවර ගන්නා ලෙසටද එසෙත් නැතිනම් නිවසේ වැඩිහිටියෙකු සමග පාසලට පැමිණෙන ලෙසටය.

කෙසේ වෙතත් පාසල් ළමුන් පැහැරගැනීමට උත්සහ ගත් පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර අදාල සිදුවීම් සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයන් යුදහමුදාව සහ පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More