කළුතර ලැගුම්හලක ඉහළ මාලයකින් වැටී පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන 29 හැවිරිදි තරුණයා දින දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට අද (10) අධිකරණ පොලීසියට අවසර ලබා දී තිබේ.
ඒ සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
කෙසේ වුවද සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවය.
සැකකරු සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් ඔහුව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවත්, මියගිය සිසුවියගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් සිටින බවත් පොලීසිය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...