අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(9) පාර්ලිමේන්තුවේදී පැවසුවේ තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමීමට රජය තීරණය කර ඇති බවයි.
මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 11 වැනිදාය.
පනතට සංශෝධන මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දෙන බවද ඔහු සඳහන් කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහාචාර්ය ජී එල් පීරිස් සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් අදහස් දැක්වූ අවස්ථාවේදීය.
විවාදයේ දිනය වෙනස් කිරීම ගැන කිසිවෙකුගේ භේදයක් නොමැති බවත්, විපක්ෂ නායකවරයාද ඊට එකඟ වී ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...