ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවත්, එසේ ඉවත් කරන්නේ නම් පළාත් සභාවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත කළ යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.
ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ආණ්ඩුකාරවරුන්ට ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, 154/ආ වගන්තිය අනුව ආණ්ඩුකාරවරු පත්කරන්නේ ජනාධිපතිවරයා විසින් බවත්, 154/ආ/5 වගන්තියට අනුව ආණ්ඩුකාරවරුන්ගේ කාලසීමාව අවුරුදු 5ක් බවත්, එම වගන්තියේ ‘ස්වකීය ධූරය බාරගත් දින සිට අවුරුදු 5ක කාලසීමාවක් ධූරය දැරිය යුත්තේය’ ලෙස සඳහන් කර ඇති බවත් ය.
එහිදී හිටපු අගවිනිසුරුවරයා පවසා සිටියේ පළාත් සභා පිහිටෙව්වේ 13වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පෙර පටන්ම ලංකාවේ පළාත් සභා ඡන්ද පැවතුනු බවත් නීතියට අනුව 2017 ඔක්තෝබර් මාසයේදීත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණ බවයි.
නමුදු එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය විසින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තු පනත් දෙකක් ගෙනා බවත් එය දෙවනවර කියවීමේ දී එම පනතටම තවත් පිටු 20ක් ඇතුලත් කරමින් පළාත් සභා මැතිවරණයක් ඇතුලත් කර සංශෝදනයක් ගෙනා බවත් ඔහු සඳහන් කළා.
එම අවස්ථාවේ දී එයට විරුද්ධ වූ ඔහු නඩුවක් ගොනු කළ බවත් එයට විරුද්දව සුමන්තිරන් මහතා උසාවි ගිය බවත් අවසානයේ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවත් ඒ මහතා පවසයි.
අද වන විට පළාත් සභා , මහඇමැතිවරු , පළාත් සභා මන්ත්‍රීවරු නොමැති බවද ආණ්ඩුකාරවරු පමණක් සිටින බවද ඔහු සඳහන් කරයි.
යම් අවස්ථාවක ආණ්ඩුකාරවරයා ඉවත් කරනවා නම් පළාත් සභාවේ තුනෙන් දෙකකින් යෝජනාවක් සම්මත කර ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරය ඉවත් කරන් ලෙස උපදෙසක් දී හැකි බවයි ඔහු තව දුරටත් සඳහන් කරන්නේ.
එසේ දුන්නත් ජනාධිපතිවරයාට ප්‍රසාදයක් තියෙනවා පමණක් ආණ්ඩුකාරවරයාව ඉවත් කිරීමට හැකි බවද එලෙස ආණ්ඩුකාර ධූරය ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර තිබෙන බව ද ඔහු සඳහන් කරයි.
එහි දී “දැන් පළාත් සභා නොමැති නිසා ආණ්ඩුකාරවරු විතරයි ඉන්නේ. ඉතින් පළාත් සභාවේ යෝජනාවක් නැතිව ඔවුන් ඉවත් කරන්න බෑ. ඉල්ලා අස්වුණොත් විතරයි ධූරය හිස්වෙන්නේ. අනෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි මේ ආණ්ඩුකාරවරු පත්කළේ. එතුමා ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු ජනාධිපතිවරයෙක්. දැන් ඉන්න ජනාධිපතිතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඉතින් ජනතා ඡන්දයෙන් ආ ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුකාරවරුන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ඉවත් කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නයත් එනවා. ඊළග කාරණය තමයි මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ ආණ්ඩුකාරවරු 4 දෙනෙක් ඉවත් කරනවා කියලයි. එතකොට අනෙක් පළාත්වල ආණ්ඩුකාරවරුන් ගැන මොකද කියන්නේ. ඒ අයත් ඉවත් කරනවාද? නීතියේ සමානාත්මතාවය පිළිබද ප්‍රශ්නයකුත් මෙතන මතුවෙනවා…” යැයිද හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...