පසුගිය කාලය තුළ ඩොලරයේ අගය සියයට 40කින් ඉහළ යන විට ඖෂධ මිල සියයට 400කින් ඉහළ යාම පිළිබඳව සහ ඊට පිළියම් ඉදිරිපත් කරන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, මහාචාර්ය සේනක බිබිලේ ගේ පුටුවේ වාඩිවී සිටින අය එතුමාගේ මූලික ප්‍රතිපත්තියට විරුද්ධව කටයුතු කරන බවට චෝදනා එල්ල කළේය. එම ආයතනයට ඖෂධ නාමයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවේ අඩංගු ඖෂධ පමණක් ආනයනය කර බෙදාහරින්නේ නම් ඖෂධ මිල සියයට 100කින් පහළ දැමිය හැකි බවද ඔහු සඳහන් කළේය.
අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඖෂධ 380ක් පමණ සුළු ප්‍රමාණය එසේ ආනයනය කර බෙදා හැරීමට නොහැකි නම් සභාපතිට හෝ ඇමැතිට තවදුරටත් ධුරයන් දැරීමට අයිතියක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
අදාළ ලිපිය පහළින්…


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...