දේශීය පුවත්

මෙරට සමාජ අර්බුදයට මුවා වී එක්තරා පිරිසකගේ මැදිහත්වීම මත ඇතිකරන ලද ඊනියා අරගලය සිදුවී අද(මැයි 09) දිනට වසරක් ගතවී තිබේ.

මෙම අරගලය පිළිබඳව සාමාජ මාධ්‍ය ඔස්සේ සංචරනය වූ සටහනක් මෙසේ ඉදිරිපත් කරන්නේ මෙරට ජනතාවට මෙම අරගලයේ මුල, මැද, සහ අග පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීම පිණිසය.

අදාළ සටහන පහළින්…

ලංකාවේ අරගලයක් වුනා කියනවනම්

ඒක අදත් සිද්ධ වෙන්න ඕන මොනම පැත්තකින් හරි සිද්ධ වෙන්නඕන. 

ඒක ජනතාවගේ අරගලයක් නම්

ඒවට හිටපු මුල් වුන චරිත හුදෙකලා නොකර ජනතාව ඔවුන් ඉදිරියට අරගෙන යන්න ඕන.

අත් හැරැණු, තැන් නිවරදි,වෙවී අරගලය සමාජ ජනතා ජයග්‍රහනයක් දක්වා ගලා යන්න ඕන.

මොකද අරගලය තිබ්බ දවස්,වල කියවුන ප්‍රධාන සටන් පාඨ අතරින් පෝලිමි විතරයි අද නතර වෙලා තියෙන්නේ.

අනිත් හැම දෙයක්ම එදාට සමානව හෝ එදාට වැඩියෙන් හෝ අළුතින් එකතු වෙලා තියනවා.

අරගලය එනකොට ගහලා තිබ්බ නැති බදු අද ගහනවා..

අරගලය තියනකොට විකුණයි කියලා හිතපු නැති දේවල් අද විකුණනවා කියනවා.

අරගලය එනකොටවත් පාවිච්චි නොකරපු සමාජ මාධ්‍ය ආදිය පාලනයට අළුත් නීති පාර්ලිමේන්තුවේ සාකජ්චා වෙනවා.

හැබැයි අරගලය නෑ

ඒකට එකතු වුනා කීව ස්වාධීන පුරවැසියන් නෑ . ඒ මිනිස්සු එකතු කරා කියපු නායකයන් සංවිධාන නෑ.

රනිල් උඔත් ගෙදර පල කීව සටනක රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච ගමන් අරගලයත් වාෂ්ප වුනා.

දැං ඇමරිකන් බැසිල්ට කපුටු කාක් කාක් කියලා හෝන් ගහන්න එන්න අය නෑ..

ඒ,කියන්නේ ඒක ජනතාවගේ පොදු අවශ්‍යතාවයක සටනක් නෙවෙයි ඒක.

ඒ සටන ජනතාවගේ පොදු සටනක් නම් මොන විදිහකින් හරි තැන් තැන් වලින් ගලා යනවා.

එහෙම වෙන්නේ නෑ.

ඒක ඇමරිකන් ඉන්දියන් ව්‍යාපෘතියක්.
ඒ ප්‍රොජෙක්ට් එක ඉවරවුන සැනින්
අරගලය කියන නාඩගම ඉවර වෙලා ගියේ ඒකයි.

ඇයි ගෝඨාභය නන්දසේන ගෙදර ගියේ අරගලය නිසා නෙවෙයිද අහනවනම් ඒකකමටි ප්‍රොජෙක්ට් එකේ ඉල්ලපු රිසාල්ට් එක. ඒකට තමයි ඔයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව යුස් වුනේ.

ඔයාලට සිස්ටම් චේන්ජ් එකක් දෙන්න අරගලයක් වුනේ නෑ. සිස්ටම් චේන්ජ් එකකට අරගලයක් වුනානම් ඒක ඔහොම නතර වෙන්නෙත් නෑ.

– නුවන් මොණරවිළ –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More