දේශීය පුවත්

අනාගතයේදී මිනිසුන්ට උරුම බදු ගෙවීම පමණක් බවත්, තෑගි බදු, විහාර දේවාල ගම් වලට බදු ගෙවීම මෙන්ම තමන්ගේ දේපළ අහිමි වෙන තත්වයක් නිර්මාණය වන බවත් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා පවසයි.

දළඳා මාළිගාව පිහිටි මහනුවර පුණ්‍ය භූමිය තුළත්, විහාර දේවාල ගම් වලටත් ඉදිරි කාලයේදී ඉඩම් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවෙන්න ඉඩ ඇති බවද, ආණ්ඩුව ඉඩම් පණත් ගෙන ඒමෙන් ඉඩම් තනිකරම වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කරන බවද ඒ මහතා පවසයි.

මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

”ආණ්ඩුව විසින් “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා රට ගොඩදාලා තිබෙනවා, රට ගොඩ එන එක අත ලගටම ඇවිල්ලා තිබෙනවා,” වගේ අතිශෝක්තියෙන් කතා කියමින් මහජනතාව මුලාවකට පත්කරමින් සිටිනවා.

2048 දී මේ රට සංවර්ධිත රටක් කරනවා කියලා අද කියන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා 2015 දී එතුමා අග්‍රමාත්‍යවරයාව සිටින කාලයේ කිව්වේ මේ රට ගොඩයන්නේ 2025 දී කියලා. එහෙම කියපු රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව 2015 දී 5% කට තිබුණ ආර්ථික වර්ධන වේගය 4%, 3%, 2.3% දක්වා 2019 වෙනකොට කඩා දැමීම තමයි කළේ.

ඉතිහාසයේ වසර 5ක රජයක් තුල වැඩිම ණය ගත්තා නම් ඒ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය. ඒ ඩොලර් බිලියන 12.5 ක ISBN ණය ගැනීමෙන්. රට දැවැන්ත ණය උගුලක හිරකරපු, රටේ ආර්ථික වර්ධනය කඩා දැමීම පිළිබඳ දැවැන්තම චූදිතයාට තමයි අද ණය අර්බුදය විසඳන්න භාරදීලා තිබෙන්නේ.

2028 දී මේ රට ණය බර ඩොලර් බිලියන 120 අභිබවා යන මට්ටමකට ගෙනෙන්නයි මේ ආණ්ඩුව මේ හදන්නේ.

ආණ්ඩුව ජනතාවට කැරට් අලයක් දීලා කියනවා ඒක කාලා ආණ්ඩුවට කරදර නොකර දෙන දේ දාලා වෙන දේ බලාගෙන ඉන්න කියලා.

රාජ්‍ය ආයතන 50කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කරනවා කියමින් කුණු කොල්ලයට විකුණා දැමීමට තමයි මේ ආණ්ඩුව සැරසෙන්නේ.

D.I.G වරු 63 දෙනෙක් හරහා මේ රට පාලනය කරන යුගය ආරම්භ කරන බවයි ත්‍රස්ත විරෝධී පනත හරහා කියන්න උත්සාහ කරන්නේ.

විපක්ෂයට අයිති පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිධූරය විපක්ෂයට ලබානොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි මුදල් කාරක සභාව හරහා තමන්ට අවශ්‍ය මුදල් අණපනත් තමන්ට වාසි සහගත විදියට, දේශපාලනික විදියට මුදල් කාරක සභාවත් හසුරුවා ගැනීමට. විපක්ෂය විසින් ආර්ථිකය පිළිබඳ දැනුමක් අවබෝධයක් ඇති හර්ෂ ද සිල්වා මැතිතුමාව යෝජනා කරලා තිබෙනවා. නමුත් ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා මුදල් කාරක සභාවේ සභාපති ලෙස පත්කරන්න.

කෝප් කමිටුව, මුදල් කාරක සභාව වැනි වැදගත් පාර්ලිමේන්තු ව්‍යවස්ථාපිත ආයතන වලට තනිකරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ආණ්ඩුවේ වන්දිබට්ටකම් කරන ආණ්ඩුවේ ගැත්තෝ, ඉත්තෝ පත් කරලා ඉවර වෙලා මේ රජය තනිකරම මදාවිකරණයකට ලක්කරලා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරු වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුවේ තමන්ට උඩින් කාටවත් කටයුතු කරන්න බැහැ කියන එක. ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සිටි කණ්ඩායම් සියල්ලටම අනතුරු ඇඟවීමක් කරන්නේ ප්‍රවේශමෙන් කටයුතු කරොත් තමන්ට පැවැත්මක් තිබෙනවා කියලා. එහෙම නැතුව පොහොට්ටුව කියමින් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ ඉදිරිපත් කරමින් තමන්ට ජනවරමක් තිබෙනවා කියලා හොරගල් අහුලමින් කටයුතු කරන්න ගියොත් සියළු දෙනා දණ ගැස්සවීමට පුළුවන් කියලයි ජනාධිපතිතුමා නොකියා කියන්නේ. ආණ්ඩුව විසින් පොදුජන පෙරමුණට තරවටු කිරීමක් තමයි මේ කරන්නේ.

අපි විපක්ෂයට අනතුරු අඟවනවා කරුණාකරලා මේ වෙලාවේ කොන්ද පණ ඇතුව විපක්ෂය තම කාර්යභාරය ඉටු කරන්න කියලා. අපි විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ නායක කාරකාධීන්ට කියනවා ආණ්ඩුවත් එක්ක ඇයි හොඳැයියක් තබාගෙන IMF එක වේවා වෙනත් ආයතනයක් වේවා ඒ අයට සුදු හුණු ගාමින් දැඩි කොන්දේසි තමන් විසින් අනුමත කරන බවත් තමයි විපක්ෂයේ සමහර කණ්ඩායම් වලින් අපිට පේන්නේ. අපි දන්නවා පහුගිය දවසේ IMF කොන්දේසි සහ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඡන්ද විමසන වෙලාවේ ප්‍රභල විපක්ෂය ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තුව මගහැර යාම අපි හෙලා දකිනවා. ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරනවා. මේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක සමතයක් අපට ඇත්තේ නෑ. ඒ නිසා අපි අනතුරු අඟවනවා විපක්ෂය ආණ්ඩුවත් සමඟ සමතයකට පත්වෙලා, ආණ්ඩුවත් එක්ක දීග කනවා නම් විපක්ෂය කෙලින්ම ආණ්ඩුව පැත්තට යන්න. විපක්ෂයේ භූමිකාව අපි බය නැතුව ඉටු කරනවා.

විපක්ෂය ඒ කොන්ද පණ ඇති නායකත්වය ලබානොදෙනවා නම් ඉදිරි කාලයේදී අපි අනතුරු අඟවනවා විපක්ෂයේ භූමිකාව ඕනෑම වෙලාවක අපි අතට අරගෙන එය රටේ මහජනතාව වෙනුවෙන් ඉටු කරනවා කියලා, ඒ වගකීම නිදහස ජනතා සභාවේ කර මත තබාගෙන ඉටු කරන්න අපි සූදානම්.

අනාගතයේදී මිනිසුන්ට උරුම බදු ගෙවන්න වෙනවා, ඒ වගේම තෑගි බදු ගෙවන්න වෙනවා, විහාර දේවාල ගම් වලට තමන්ගේ දේපළ අහිමි වෙන තත්වයක් උදාවෙනවා. දළඳා මාළිගාව පිහිටි මේ මහනුවර පුණ්‍ය භූමිය තුලත් විහාර දේවාල ගම් වලට ඉදිරි කාලයේදී රාජකාරී ඉඩම් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවෙන්න ඉඩතිබෙනවා. මොකද ආණ්ඩුව ඉඩම් පණත් ගෙනල්ලා ඉඩම් තනිකරම වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කරනවා. එතකොට මේ මාළිගාවට, දේවාල වලට, පන්සල් වලට, පූජනීය ස්ථාන වලට පවතින ඉඩම් තනිකරම වෙළඳ භාණ්ඩයක් වශයෙන් හුවමාරු වෙනවා”

– Media unit



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More