ඩුබායි රටේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන මෙතෙක් ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන නොතිබූ” හික්කඩුවේ ඉස්සෝ සුජි” නැමැත්තාට අයත් රුපියල් කෝටි පහකට අධික මුදලක් තැන්පත් කර තිබූ පානදුර පෞද්ගලික බැංකු දෙකක ගිණුම් තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
එම මුදල් බැංකු ගතව ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 4ක් වැනි ඉතා කෙටි කාලයකදී බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනාවකට රඳවා සිටින පානදුර නල්ලූරුව පදිංචි 50 හැවිරිදි පුද්ගලයකුගේ නමට එම ගිණුම් දෙකම අයත්ව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
අදාළ බැංකු ගිණුම් දෙක සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව බැංකු දෙකේ කළමනාකරුවන් වෙත මුදල් විශුද්ධි කිරීමේ වැළැක්වීමේ පනතේ හත 1 වගන්තිය ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් තැන්පත් කර තිබූ ගිණුම් දෙක තහනම් කිරීමේ නියෝග කළමනාකරුවන් වෙත භාරදුන් බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...