දේශීය පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්‍ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර පහකට වැඩි කාලයක් බලපත්‍රය අලුත්කර සහ තොරතුරු නොමැති වාහන මෙලෙස අසාදුලේඛණගත කරන බවත් ඊට අදාල කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

ලියාපදිංචි සමස්ත වාහනවලින් ලක්‍ෂ 55 ක් පමණක් වාර්ෂික බලපත්‍ර අලුත් කර ඇති බවත් වාහන බලපත්‍ර නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම ගත යුතු වායු විමෝචන පරීක්ෂණ සහතික පසුගිය වසර කිහිපයේම ලක්ෂ 50 ත් 55 ත් අතර සංඛ්‍යාවක පැවැති බවත් ඇය පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ දත්ත පද්ධතියට පළාත් සභා යටතේ ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු නවයෙහි දත්ත ඇතුළත් කිරීමට නියමිත බවත් එම පද්ධතිය ඉදිරි දින කීපයේදී නිල වශයෙන් හදුන්වාදෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More