ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා උතුරු පළාත නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතියේදී පැවැත්වෙන බවය.
එම සාකච්ඡාව 11, 12, 13 යන දිනවල පැවැත්වෙන බවත්, මෙහිදී ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලයේදී මෙම ගැටලුව විසඳාගත හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඇමැතිවරයා පවසයි.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට උතුරේ මහජන නියෝජිතයන් මෙන්ම ජනතාවත් සහයෝගය ලබාදිය යුතුව ඇතැයි ද කී අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ද සහභාගිවීමට නියමිත බව පැවසීය.
මෙම සාකච්ඡාවට පෙර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ගේ කොළඹ පිහිටි නිවසේදී රැස්වීමටත් තීරණය කර ඇති බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...