දේශීය පුවත්

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පෙරේදා (මැයි 6) දහවල් පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරි (Sky Marshal) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය (පිස්තෝලය) සමග කටුනායක ගුවන්තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව සිය භාරයට ගත් සිදුවීමක් වාර්තා වේ.

මේ හේතුව නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වීමකට ලක් වූ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සෑම ගුවන් යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරියෙකු ගුවන් යානයේ, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා ඇති අතර, එම ආරක්ෂක නිලධාරියාට, සිය ගිනිඅවිය ගුවන් යානයෙන් පිටතට ගෙන යාම සපුරා තහනම් වන අතර, යානයෙන් පිටතට යාමට අවශ්‍ය නම්, එම ගිනිඅවිය ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතු ය.

ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 272 දරන ගුවන් යානයේ එම ආරක්ෂක නිලධාරි ඉන්දියාවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු වන අතර, ඔහු සිය ගිනිඅවිය ද රැගෙන, මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමග කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තය වෙත පැමිණ තිබීම හේතුවෙන් ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන් ඔහුව සිය භාරයට ගෙන තිබේ.

මේ ආකාරයට ගිනිඅවියක් සහිතව ගුවන් තොටුපොළ තුළදී අත්අඩංගුවට පත් වුවහොත්, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම කළ යුතු වුව ද, දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපති කාර්යාල මැදිහත්වීමෙන් මෙම ප්‍රශ්නය දුර දිග නොයවා විසඳා ගැනීමට කටයුතු කර තිබිණි.

කෙසේ වුවද, මෙබඳු සිදුවීම් කිහිපයක්ම අමෙරිකානු සහ රුසියානු ජාතිකයන් සම්බන්ධයෙන් පසුගිය මාසවල කටුනායක ගුවන්තොටුපළ තුළදී සිදුවී ඇති අතර, ඔවුන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

මේ වන විට මෙම සිද්ධියට අදාළ එම ඉන්දීය ආරක්ෂක නිලධාරියාගේ සියලු උසස්වීම් අත්හිටුවා, සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More