විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව අද (08) පෙරවරුවේ පැවැත්වෙන බව වාර්තා වන අතර,එම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බවත් සඳහන්ය.
කෙසේවෙතත් අදාළ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයට අමතරව සෙසු විපක්ෂයේ දේශපාලන පක්ෂ නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති බවත් පැවසේ.
එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දි මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව විපක්ෂය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදි එකඟතාවකට පැමිණීමට ද නියමිතව බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවදානය යොමුකිරීමට නියමිත බවත් සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...