දේශීය පුවත්

දිස්ත්‍රික්ක 15කට අයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 31,000 ඉක්මවන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

වාර්තා වන රෝගීන්ගෙන් 25%ක් පමණ පාසැල් ළමුන් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා,

“දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨස 55ක් අධි වසංගත තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස නම්කරලා තියෙනවා. ඒ වගේම ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරන දත්ත අනුව ඩෙංගු මරණ 15ක් වාර්තා වෙනවා. රෝහලකට දරාගන්න පුළුවන් සංඛ්‍යාව 600ක් පමණ වෙනවා ශ්‍රී ලංකාය තුළ. නමුත් මෙවන විට රෝගීන් 2,000කට අසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. එම වාර්තා වන රෝගීන්ගෙන් 25%ක්ම වාර්තා වෙන්නේ පාසල් යන වයසේ දරුවන්.”

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් අද (08) දිනයේ එම දිස්ත්‍රික්කයට පිටත් කර හැරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More