දේශීය පුවත්

පසුගිය 03 වැනිදා බදාදා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ඩග්රයාන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර හමුවීමට අමාත්‍යාංශයට ගොස් තිබිණි. තානාපතිවරයා ගියේ රුසියානු සමාගමක් හරහා ශ්‍රී ලංකාවේ වී වගාවට අවශ්‍ය යූරියා හා එම්.ඕ.පී. (මඩ පොහොර) අඩු මිලකට ලබාදීම සඳහා ගිවිසුමක් අස්සන් කිරීමට අදාළව සාකච්ඡා කිරීමටය. ඒ සම්බන්ධව තානාපතිවරයා රුසියානු ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ගැන සාකච්ඡා කරමින් තේ කෝප්පයකද රස බලමින් සිටින අතර, ඇමැතිවරයා අසුන්ගෙන සිටි පුටුව පිටුපස රාක්කයක පින්තූරයක් දැක ඒ පින්තූරයේ සිටින්නේ කවුරුන්දැයි අසා ඇත.

ඇමැතිවරයා තානාපතිගෙන් ඇසුවේ මොන පින්තූරය ගැනද අහන්නේ කියාය. කහ පාටට හුරු ඇඳුමකින් සැරසී සිටින කාන්තාවක් සිටින පින්තූරය බව තානාපතිවරයා කීවේය. ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේ.” ආ.. ඒ අපේ රටේ සිටින ඇමරිකානු තානාපතිතුමිය ජූලි චන්ග්” කියායි. ඇමැතිවරයා අපේක්ෂා නොකළ ප්‍රශ්නයක් යොමු කළ රුසියානු තානාපතිවරයා ඇයි ඒ පින්තූරය එතැන තියාගෙන ඉන්නේයි ඇසුවේය. ඇමැතිවරයා තානාපතිවරයා අපහසුතාවකට පත් නොකරන පිළිතුරක් දුන්නේය. එතුමියගේ විතරක් නොවෙයි. ඔබතුමාගේ පින්තූරයත් මා ගාව තියෙනවා. ඒ පිළිතුරයි. ඒ පින්තූරය පුටුවට වැහිලා තියෙන්නේ දකුණු පස තිබූ තානාපතිවරයාගේ පින්තූරය ඇමැතිවරයා ඔහුට පෙන්නුවේය.

මහ හයියෙන් සිනාසුණු තානාපතිවරයා අත්පොළසන් දෙමින් තම සතුට පළ කළේය. “අපට ඇමරිකානු රජය පසුගිය කාලෙ විශාල ලෙස උදවු කළා. විශේෂයෙන්ම ඇමරිකානු ආධාර ක්‍රමය යටතේ තානාපතිතුමියත්, ඒ සඳහා වෙහෙස වී කටයුතු කළා. ඒ වෙලාවේ ගත්තු පින්තූරයක් තමයි මෙතැන තියලා තියෙන්නේ”යි ඇමැතිවරයා ඇමරිකානු තානාපතිනියගේ පින්තූරයට අදාළ කතාව කීවේය.  ඇමැතිවරයා ඇමරිකාවට ස්තුති කරන ආකාරයෙන් අදහස් දක්වද්දී හීනෙකින්වත් නොසිතූ අන්දමේ උපදේශයක් තානාපතිවරයා ඇමැතිවරයාට දුන්නේ මඳ සිනහවක් සමඟය.

“පුළුවන්නම් එතුමිය ඉවත් කරන්න. ගොඩක් ප්‍රශ්න විසඳෙයි ” යන්න තානාපතිවරයාගේ උපදේශය විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More