දේශීය පුවත්

නව මහ බැංකු පනත මැයි 11 දින විවාදයට ගැනීමට නියමිත බැවින් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්වය වූ ජාතික සංවිධාන වල මතය ලංකා ලීඩ් විසින් විමසන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ මතය ඔහුගේ වචනයෙන්…

“නීතිපතිවරයා අධිකරණයේදී එකඟ වෙනවා සංශෝධන 73ක් සඳහා. ලෝකයේ කිසිම රටක පනතකට එතරම් සංශෝධන පසුව ඇතුළත් කරන්න එකඟ වෙයි කියලා හිතන්න බැහැ.  කළ යුතුව තිබුනේ පනත නැවත සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමයි. නමුත් කුමන හෝ හේතුවක් මත එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් වුණේ නැහැ.  දැන් අධිකරණ තින්දුව අනුව විවාදයේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන එතරම් විශාල ප්‍රමාණයක් ඇතුල් කිරීමේ දී 19 වැනි සංශෝධනයේ දී කළා වගේ විජයදාස රාජපක්ෂ මහතාට කැමති ආකාරයේ වගන්ති ඇතුල් කිරීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අධිකරණය සමහර වැදගත් වගන්ති වලට අදාලව නිශ්චිතව සංශෝධනය කුමක්දැයි වගන්තියක් ලෙස එකඟ වී නැහැ. ඒ නිසා විජේදාස මහතාට ගේම ගහන්න පහසුයි.

ඒක වළක්වන්න තිබෙන එකම ක්‍රමය අදාළ සංශෝධන සියල්ල විවාදයට පෙර ලිඛිතව ඉල්ලා සිටීමයි. මන්ත්‍රීවරුන් ඒ සඳහා බල කරන්නේ නැතිනම් ඔවුන් තමාගේ  ව්‍යවස්ථාදායක බලය අත් හරිනවා. එහෙම අයට රෙද්දක් ඇඳගෙන ආයේ පාර්ලිමේන්තුවට එන්න අයිතියක් නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More