දේශීය පුවත්

III වන චාල්ස්!

May 6, 2023 7:46 pm | Lanka Lead News

චාල්ස් රජුගේ රාජාභිෂේකය අද (06) පැවැත් වුණි.

දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග තෙවන චාල්ස් නමින් චාල්ස් රජු අද රාජ්‍යත්වයට පත් විය.

ඒ අනුව වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු පළමු රාජාභිෂේකය ලෙස ඉතිහාසයට එක් කරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු නිල වශයෙන් අද ඔටුනු පැළඳීය.

මේ අතර කැමිලා බිසව එක්සත් රාජධානියේ රැජින ලෙස කිරුළු පැළඳුවාය.

එඩිම්බරෝ හි ආදිපාද පිලිප් කුමරුට සහ බ්‍රිතාන්‍යයේ එවක කිරුළ හිමි එලිසබත් කුමරියට දාව එඩිම්බරෝ හි චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරු උපත ලැබුවේ 1948 වසරේ නොවැම්බර් මස 14වැනිදාය.

ඒ එංගලන්තයේ ලන්ඩන් හි බකිංහැම් මන්දිරයේ දීය. එවක බ්‍රිතාන්‍යයේ රාජකීයත්වය දැරුවේ ඔහුගේ සීයා එනම් එලිසබෙත් රැජිනගේ පියා වන හයවැනි ජෝර්ජ් රජු ය.

1952 වසරේ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයත් සමග එලිසබෙත් කුමරිය දෙවන එලිසබෙත් නමින් රාජ්‍යත්වයට පත්වීමත් සමග චාල්ස් කුමරු ඔටුන්න හිමි කුමරු බවට පත් විය. 1958 දී චාල්ස් කුමරු වේල්සයේ කුමරු ලෙසින් නම් ලද අතර ඔහු කිරුළු දැරුවේ 1969 වසරේ දී ය.

2022 වසරේ සිදුවූ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ නව රජු ලෙස එවක 73වන වියේ පසු වූ චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු නමින් පත් විය.

ඒ රජ්‍යත්වයට පත් වයස්ගතම බ්‍රිතාන්‍ය රජු බවට පත් වෙමිනි.

සබැඳි පුවත්…

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් වසර 40ක් තුළ ඉන්දියානුවන් මිලියන 165ක් ඝාතනය කරලා: යටත්විජිතවාදය ෆැසිස්ට්වාදයට අනුබල දුන් ආකාරය හෙළිවෙයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More