ශ්‍රී ලංකා පොදුජන පිළිබඳ මීළඟ නායකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ගෙන ඒමට පවතින සූදානමත් සමග එම පක්ෂය තුළ බරපතළ ගැටුම් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
පසුගිය මැයි දින රැලියට බැසිල් රාජපක්ෂ මහතාට කැපී පෙනුණ පිළිගැනීමක් ලබා දීම සම්බන්ධයෙන්ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇති බවත්, මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිරූපය බිඳ දැමීමේ පියවරක් ලෙස ඇතැමුන් චෝදනා කර ඇති බවත් පැවසේ.
බැසිල් රාජපක්ෂ මහතා මහතාට ප්‍රමුඛත්වයක් ලබාදී දීම සම්බන්ධයෙන් ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පවා විරෝධය මතු කර ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂය අතහැර ගොස් ඇති බවත්, නායකත්වයේ වෙනසක් සිදු වූවොත් එය පක්ෂය දෙකඩ වීමට හේතුවක් වනු ඇති බවටත් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව නායකත්වයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්වනු ඇති බවට ඉඟියක් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා ද හෙළිකර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...