දේශීය පුවත්

වර්තමානයේදී රුසියානු සමූහාණ්ඩුව නැවතත් නාසිවාදීන් සමග සටනක් සිදුකරමින් සිටින බවත්, දෙවන ලෝක යුද සමයේ මෙන් නාසිවාදීන් ඇතුළු යුක්‍රේන රූකඩ රාජ්‍යය වගේම බටහිර විදේශිය අනුග්‍රාහකයින් පරාජය කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan මහතා පවසයි.

දෙවන ලෝක යුද සමයේ යුද වැදි මියගිය රුසියානු රණවිරුවන් සිහිකරමින් කොළඹ මහජන පුස්තකාලය අසල පිහිටි යුද ස්මාරකයේදී පැවති සැමරුමට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan මහතා,

“දෙවන ලෝක යුද සමයේ නාසීන්ට එරෙහිව දියත් කළ දේශප්‍රේමි යුද ගැටුම සිහිකරමින් මතකයේ ගිනි සිළුව නම් සැමරුම් වැඩසටහන ලොව පුරා රටවල් 11ක ක්‍රියාත්මක අතර එම රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් ඉතා වැදගත් වන අතර ලක් රජයට සිය කෘතඥතාව පල කිරීමටද මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා රජය වර්තමානයේදී අනුගමනය කරනු ලබන නොබැදි ප්‍රතිපත්තියද අප අගය කරනු ලබනවා. වර්තමානයේදී රුසියානු සමූහාණ්ඩුව නැවතත් නාසිවාදීන් සමග සටනක් සිදුකරනවා. මම නැවතත් පැවසීමට කැමතියි අපි නැවතත් නාසිවාදීන් ඇතුළු යුක්‍රේන රූකඩ රාජ්‍යය වගේම බටහිර විදේශිය අනුග්‍රාහකයින් පරාජය කිරීමට සූදානම්. ඔවුන් නැවත වරක් රුසියාවට එරෙහිව යුද ගැටුමක් ඇරඹුවහොත් 1945 වසරේ වගේ අපි ඔවුන් පරාජයට පත්කරනවා. අපිට කිසිදු සැකයක් නැහැ අපි මේ යුද්ධය ජයග්‍රහණය කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More