දේශීය පුවත්

අමෙරිකාව විසින් මෙරට ‘රෙජිම් චේන්ජ්‘ මෙහෙයුම් දියත් කරමින් මෙරට රාජ්‍ය බිඳවැට්ටවීමට දරන උත්සාහයට හේතුව පියවරෙන් පියවර ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැහැදිලි කරයි.

පොඩ්කාස්ට් හරහා පැවති සංවාදයක දී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

ශ්‍රී ලංකාවේ ඇති පිහිටීමේ ඇති වැදගත්කම 15 වැනි සියවසේ ගෝවේ සිටි පෘතුගීසි ප්‍රතිරාජයා ඔහුගේ නායකයාට හෙළිකරමින් පවසා ඇත්තේ, ගෝවේ නොසිට ලංකාවට යන ලෙසත්, ලංකාව නොපෙනී කිසිදු නැවක් ගමන් කළ නොහැකි බවත්, තමාගේ බලය තීව්‍ර කර ගැනීමට සුදුසුම තැන එතන බවත්, යැයි විමල් වීරවංශ මහතා පවසයි.

2015 දී මෙරටට පැමිණි එවකට අමෙරිකානු රාජ්‍ය ලේකම් ‘ජෝන් කෙරී‘ ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේ දී දේශනයක් පවත්වමින් පැවසුවේ “ ඔබේ රට පිහිටා ඇත්තේ ඉන්දු – ෆැසිපික් කලාපයේ හරි මැදය. එයින් ඔබට ගතහැකි ප්‍රයෝජන අතිමහත්ය. ඒ සඳහා උපකාර කිරීමමට අපි සූදානම්“ බව යැයි විමල් වීරවංශ මහතා පවසන්නේ මෙරට පිහිටීමේ ඇති සුවිශේෂී පිහිටීම පිළිබඳව කරුණු අනාවරණය කරමිනි.

ඊට අමතරව මෙරට භූමිය අභ්‍යන්තරයේ පවතින තෙල් සම්පත හා ගෑස් සම්පත මෙරට භූමියේ වැදගත්කම හෙළි කෙරෙන තවත් අතුරු සාධක කිහිපයක් බවයි ඒ මහතා පවසන්නේ.

අද ලෝකයේ බල කේන්ද්‍ර අතර තරඟය තීව්‍ර වී ඇති පසුබිමක අමෙරිකානු ඩොලරය වේගයෙන් කඩාවැටෙමින් පවතින බවත් එමගින් අමෙරිකාවේ මූල්‍ය අධිරාජ්‍යවාදය ගරාවැටෙමින් පැවතීම මත ඔවුන් එය වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවේ පිහිටීමේ ඇති සුවිශේෂීතාවය යොදාගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අමෙරිකාවේ ඇත්තේ මූල්‍ය ආධිරාජ්‍යවාදයක් මිස කාර්මික අධිරාජ්‍යවාදයක් නොවන නිසා ඩොලරයේ බිඳවැටීමත් සමගම එම මුල්‍ය අධිරාජ්‍යවාදය දැඩි තර්ජනයකට ලක්වී ඇති බව ඒ මහතා පවසයි.

ත්‍රිකුණාමලයට එහා ජාත්‍යන්තර මුහුදු සීමාවේ අමෙරිකානු නැවක් නවත්වා ඇති බවද, එහි අමෙරිකානු මෙරයින් බලකායේ සෙබළුන් 5000 කට වඩා සිටින බවත්, ඔවුන්ට සේවා සැපයීමට ස්ථානයක් නැති නිසා MCC ගිවිසුම හරහා ත්‍රිකුණාමලය අධිනාගරික නගරයක් බවට පත්කිරීමට යෝජනාකර තිබූ බව ද ඒ මහතා පවසයි.

අමෙරිකාවට ශ්‍රී ලංකාව යටත්කර ගැනීම සඳහා මෙරට රාජ්‍ය බිඳවැට්ටීමට අවශ්‍ය බවද, ලිබියාවේ රාජ්‍ය බිඳවට්ටා ලිබියාව කියා රටක් පමණක් ඉතුරුකර, එරට යටත්කර ගත් ලෙසින්ම මෙරට යටත්කර ගැනීමේ මෙහෙයුම් ද මේ මොහොතේදීත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද විමල් වීරවංශ මහතා පැහැදිලි කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More