දේශීය පුවත්

2008 වර්ෂයෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය අංශයට එල්ල වූ දරුණුතම අර්බුදය මධ්‍යයේ තවත් එක්සත් ජනපද කලාපීය බැංකු දෙකක් පසුගිය 4 වෙනිදා ඔවුන්ගේ කොටස් වෙළෙඳාම අත්හිටුවා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

ලොස් ඇන්ජලීස් පදනම් කරගත් පැක්වෙස්ට් සහ ඇරිසෝනා පදනම් කරගත් වෙස්ටර්න් එලායන්ස් මුල්‍ය ආයතන වල කොටස්වල මිල නොසිතූ විරූ ලෙස පහත වැටීමෙන් පසු නියාමකයින් විසින් ඒවායේ වෙළඳාම තාවකාලිකව අත්හිටුවන ලද බවද වාර්තාවේ.

පැක්වෙස්ට් බැන්කොර්ප් 3 වෙනිදා සවස්භාගයේදී පැවසුවේ ඔවුන්ගේ කොටස් වල මිළ 60% කින් පහත වැටීමෙන් පසු උපායමාර්ගික විකල්ප පිළිබඳව අනාගත හවුල්කරුවන් සහ ආයෝජකයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

“මෑතකදී, සමාගමට අනාගත හවුල්කරුවන් සහ ආයෝජකයින් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇත – සාකච්ඡා සිදුවෙමින් පවතී,” බැංකුව නිවේදනය කළේය.

එහෙත් ආයෝජකයින්ට සහතිකයක් නොලැබුණු අතර 04 වෙනිදා ද කොටස් අලෙවිය දිගටම පැවතුනි. පැක්වෙස්ට් හි කොටස් 50% කින් පහත වැටීම අනෙකුත් කලාපීය බැංකුවලටද බලපෑවේය. කොටස් වෙළඳාම නතර කිරීමට පෙර වෙස්ටර්න් එලායන්ස් හි කොටසක මිල 45% කින් පහත වැටුනි.එම බැංකුවේ කොටස් 2023 වසරේදී පමණක් මේ දක්වා එහි වටිනාකමින් 60% කට වඩා අඩු වී ඇත. කැනඩාවේ ටොරොන්ටෝ-ඩොමීනියන් බැංකු සමූහය විසින් තවත් මධ්‍යම ප්‍රමාණයේ බැංකුවක් වන ෆස්ට් හොරයිසන් බැංකුව විසින් ලබා දී තිබූ ඩොලර් බිලියන 13.4 ක ණය අත්පත් කර ගැනීමට කර තිබූ සැලසුම ඉල්ල අස්කර ගැනීමෙන් පසු 4 වෙනිදා ෆස්ට් හොරයිසන් බැංකුවේ කොටස් වටිනාකම 40% කට ආසන්න ප්‍රමාණයකින් කඩා වැටුණි.

“මේ ගැටලුව විසඳීමට අපට ලබා දී තිබූ කාලය සීඝ්‍රයෙන් අවසන් වෙනවා. ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව හෙවත් FDIC සහ අපේ රජය අවදි වීමට පෙර අපි තවත් කොපමණ අනවශ්‍ය බැංකු අසාර්ථකවීම් නැරඹිය යුතුද? අපට දැන් සමස්ථ බැංකු පද්ධතියේම තැන්පතු ඇපකර පාලන තන්ත්‍රයක් අවශ්‍යයි,” නිව් යෝර්ක් හෙජ් අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී බිල් ඇක්මන් පැවසීය.

ඒ අනුව සමස්ත එක්සත් ජනපද කලාපීය බැංකු පද්ධතියම අවදානමට ලක්ව ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. “මූල්‍ය ආයතනයක් පිළිබඳව දශක ගණනාවක් තිස්සේ ගොඩනැගූ විශ්වාසය දින කිහිපයකින් විනාශ වෙනවා.”

මෙම සතිය මුලදී තවත් මධ්‍යම ප්‍රමාණයේ බැංකුවක් වන ෆස්ට් රිපබ්ලික් බැංකුව එක්සත් ජනපද නියාමකයින් විසින් අත්පත් කර ගෙන JP Morgan වෙත විකුණා දැමීමෙන් පසුව අමෙරිකානු බැංකු කඩා වැටීමේ වර්ධනීය තත්වයක් මතු විය. ෆස්ට් රිපබ්ලික් බැංකුවේ තැන්පතුකරුවන් ඩොලර් බිලියන 100 ක් ආපසු ලබා ගත්තේ බැංකුව තුළ ඔවුන්ගේ මුදල් තවදුරටත් ආරක්ෂිත නොවන බවට බිය පලකරමිනි. සිල්වර්ගේට් කැපිටල්, සිලිකන් වැලි බැංකුව සහ සිග්නේචර් බැංකුවට පසුව, මෙම වසරේ බිඳ වැටුණු සිව්වන එක්සත් ජනපද ණය දෙන බැංකුව බවට ෆස්ට් රිපබ්ලික් බැංකුව පත් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More