මෙරට පුරවැසියන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම සඳහා ආධාර කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති බවත්, ඊට අදාළ කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතින බව හා එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බවත් සාගල රත්නායක මහතා පවසයි.
ඉන්දියාව මෙරට තුළ ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකොට ඇති බවද පවසන සාලග රත්නායක මහතා, ලාංකිකයන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම, සූර්ය විදුලි බල ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම එම ව්‍යාපෘති බවයි පවසන්නේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කොට තිබේ.
උතුරේ දූපත් තුනක සුර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කොට තිබේ.
ඊට අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර පෙරි යාත්‍රා නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාලව ද සාකච්ඡා කොට ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර පෙරි සේවය ආරම්භ කිරීමෙි කටයුතු අවසන් අදියරේ පවතින බවයි සාගල රත්නායක මහතා පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...