දේශීය පුවත්

“ඩෙංගු” වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බවය.

2022 මැයි මාසය අවසන් වන විට වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206 වන අතර, මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවීම තුළ අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 6,953කි.

දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 6,500 ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනන වර්ධනයක් පෙන්නුම්කරන අතර වසරේ අද දක්වා කාලය තුළ එම දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 1,262කි.

ඒ අනුව සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ‍ අවදානමක් පවතින බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More