පාඨලී චම්පික රණවක මහතාට විමල් වීරවංශ මහතා ලියූ ‘නවය; සැඟවුනු කතාව‘ කෘතියෙන් රිදී ඇති බවත්, එම කෘතියේ පළමු පිරිච්ඡේදයේ පළමු පිටුව හෝ ඔහු කියවා තිබුනා නම් එවැනි රිදීමක් සිදු නොවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එම පළමු පිටුවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාවිච්චි කරමින් අමෙරිකානු රොටිය පුච්චා ගැනීමට ජූලි චන්ග් නෝනා ගැසූ ගැටය බවද, අමෙරිකාවට පහර වදින විට චම්පික රණවක මහතාට අද රිදී ඇති බවද, 2014 ට පෙර නම් චම්පික රණවක සිටියේ අමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ පුද්ගලයකු ලෙස බව ද ගම්මන්පිල මහතා සඳහන් කරයි.
රට රටවල ආණ්ඩු පෙරළා දැමීමට අමෙරිකානු හමුදාව යොදවා කරන මෙහෙයුම් ‘වෘක්ක මෙහෙයුම්‘ ලෙසද, CIA සංවිධානය විසින් දේශීය බලවේග යොදාගනිමින් රටවල ආණ්ඩු පෙරළීමේ මෙහෙයුම් ‘සිවල් මෙහෙයුම්‘ ලෙස එකල තමන්ට කියා දුන්නේ ද පා.ච. රණවක මහතා බව ඔහු වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...