ඉදිරි ජනාධිපතිවරණයේ දී උත්තර ලංකා සභාගයෙන් නියතවශයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති සාකච්චාවකදී ඔහු මේ බව සදහන් කළේය.
වර්තමානයේ උච්චතම අවස්ථාවකට පැමිණ ඇති මෙරටට එල්ලවන අමෙරිකානු බලපෑම පිළිබඳ හෙළිදරව්වක් ද විමල් වීරවංශ මහතා මෙහිදී සිදු කළේය. එහිදී එහි ප්‍රධාන භූමිකාවට පණ පොවන මෙරට අමෙරිකානු තානාපතිනි චූලි චන් පිළිබඳව ද විමල් වීරවංශ මහතා කරුණු අනාවරණය කළේය.
වර්තමාන පොලිස්පතිවරයාට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේ ඇමෙරිකානු තානාපතිවරියගේ ඉල්ලීමට අනුව බවත්, අද රට පාලනය කරන්නේ ඇමරිකානු තානාපතිවරිය බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ගමන් මග පිළිබඳව ද පැහැදිලි විග්‍රහක් කළ වීරවංශ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු වන ලාල්කාන්ත යනු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එහා ගිය හෘද සාක්ෂියේ මිනිසෙකු බවයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...