දේශීය පුවත්

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී  දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

මේ අතර වෙසක් දින වෙනුවෙන් අනුශාසනාවක් සිදුකරමින් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි සදහන් කළේ අසංවරතාවන් බැහැර කර ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දෙමින් කටයුතු කිරිමට සියලු දෙනා අදිටන් කරගත යුතු බවය.

දන්දීම මත පදනම් වු අරමුණු පෙරදැරිව මෙවර වෙසක් උළෙල සැමරිය යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසති.

මේ අතර මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි.

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බව ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More