ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය ඊයේ(3) නියෝග කළේය.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා නියෝග කළ අතර, පසුගිය වසරේ ජූලි මස 09 වනදා ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස ජේ. ශ්‍රී රංගා මහතා නම් කරන බව විමර්ශන නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.
කෙසේවෙතත් ජේ. ශ්‍රී රංගා මහතා අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඔහු රිය අනතුරක් සම්බන්ධ නඩුවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...