දේශීය පුවත්

ආණ්ඩුව විසින් ගෙන එන නව ත්‍රස්ත විරෝධී පනත මෙන්ම දැනටත් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ රනිල් වික්‍රමසිංහ මහතා 2018 යහපාලන සමයේ දී ගෙන ආ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කිරීමේ දී පෙනීයන්නේ ප්‍රතිත්‍රස්ත පනතේ තිබූ සෑම වගන්තියක්ම මෙම නව පනතේ ඇති බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ මෙබඳු භයානක වගන්ති නොතිබුණු බවත් යැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති ‘තුවක්කුව වෙනුවට නීතිය: ත්‍රස්ත විරෝධී පනත – සමාජය මත භීෂණය වපුරන කලියුගයක ඇරඹුමක් ද?‘ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක් කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කළේ, ප්‍රතිත්‍රස්ත පනතේ ද නොතිබුණු වගන්ති කිහිපයක් ද මෙහි අන්තර්ගත කොට ඇති බවයි.

ආණ්ඩු පෙරළීමට කුමන්ත්‍රණය කිරීම, රාජ්‍යයට විරුද්ධව යුද වැදීම මෙම නව පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියා නොවන බව ද, ආණ්ඩුවට විරුද්ධව පවත්වන උද්ඝෝෂණ, පෙළපාලි, සේවක අයිතිවාසිකම් දිනාගැනීමට සිදුකරන වැඩවර්ජන, ජනතා ඒකරාශීවීම් වැනි ක්‍රියා පමණක් ත්‍රස්තවාදී ක්‍රියා යටතට ගැනෙන බව ද ඒ මහතා පනතේ වගන්ති උපුටා දක්වමින් පැහැදිලි කරයි.

මෙම ක්‍රියාවන් සඳහා ලැබෙන දඬුවම එකක් බවත්, ඒ අවුරුදු විස්සකට නොවැඩි කාලයක් සිරදඬුවම් හා රුපියල් ලක්ෂ 10කට නොවැඩි දඩයක් මෙන්ම චංචල, නිශ්චල දේපළ රාජසන්තක කිරීම ඇතුළත් බවයි කල්‍යානන්ද තිරාණගම මහතා පවසන්නේ.

මෙම පනත ගෙන එන්නේ අමෙරිකානු එම්.සී.සී, සෝෆා වැනි රටට එරෙහි ගිවිසුම් අත්සන් කිරීමේදී, උතුරු නැගෙනහිරට වෙනමම ෆෙඩරල් පාලනයක් ලබාදීමේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකිරීමේදී එම ක්‍රියාවන්ට එරෙහිවන ජනතාවගේ හඬ මැඩලීමට මිස ත්‍රස්තවාදය වැළැක්වීමට නොවන බවයි තිරාණගම මහතා පවසන්නේ.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More