දේශීය පුවත්

ආණ්ඩුව විසින් ගෙන එන නව ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ හැදෑරීමක් කිරීමේ දී මෙය ත්‍රස්ත විරෝධී පනතක් නොවන බවත්, රටට අහිතකර තීන්දු තීරණ ගැනීමේදී ආණ්ඩුවට එරෙහිවන දේශමාමක බලවේග හා ජනතාව මර්ධනය කිරීමට ගෙන එන පනතක් බව පැහැදිලි වන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජාතික සංවිධාන එකමුතුව විසින් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී සංවිධානය කර තිබූ ‘තුවක්කුව වෙනුවට නීතිය: ත්‍රස්ත විරෝධී පනත – සමාජය මත භීෂණය වපුරන කලියුගයක ඇරඹුමක් ද?‘ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

ජාතික සංවිධාන සැමදා ක්‍රියාකළේ රටේ ඒකීය භාවය, ස්වාධිපත්‍ය බලය හා භෞමික අඛණ්ඩතාව රැක ගැනීමට බවද, මෙම පනත ගෙන එනු ලබන්නේ ආණ්ඩුවක හෝ පක්ෂයක අවශ්‍යතාව මත නොව වෙනත් කණ්ඩායමක බලපෑම මත බව පෙනෙන්නට ඇති බවද උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වන පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ,

“ආණ්ඩුවට විරුද්ධ හෝ ආණ්ඩුව කරන පක්ෂයට විරුද්ධ හෝ පුද්ගලයෙක් ගෙදර නිදාගෙන ඉන්ව නම් ඔහුවත් කුදලගෙන යන්න පුලුවන් මට්ටමේ නීතිරීති හදල ගෙනියන්න හදනවා. තුවක්කුව, බයිනෙත්තුව වෙනුවට නීතිය පාවිච්චි කරල මේ දේ කරන්න හදනවා.

මීට පෙර ගෙන ආ පනතකින් ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න නීති රීති හදල තියෙන්නේ. ඒවා ජාත්‍යන්තර සම්මුති හැටියටත් නම්කරලා තියෙනවා. මේ ගේන්නේ ජාතික සම්පත් විකිණීම, රාජ්‍යයේ ස්ථාවරභාවයට කටයුතු කරන එකට විරුද්ධ වීම එහෙමත් නැත්නම් ජාතික ඒකාග්‍රතාව උදෙසා කෑකෝ ගසන ඇත්තන්ව අත්අඩංගුවට ගැනීම. රට දෙකට තුනට කඩන්න හදන වෙලාවලදී එයට එරෙහිවන පිරිස් අත්අඩංගුවට ගන්න. අන්න එබඳු කාරණා සඳහා තමයි ත්‍රස්ත විරෝධී පනත ගෙන එන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More