දේශීය පුවත්

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අවශ්‍ය ඕනෑම අයෙකුට කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවයි.

අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා තිබේ.

මේ අතර, පසුගිය දින 3 තුළ පමණක් නව රෝගීන් 19 දෙනෙකු හා මරණ 1ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (මැයි 2) සඳහන් කළේ ය.

පසුගිය 30 වන දා නව රෝගීන් 7 දෙනෙකු හමු වී එක් මරණයක් ද, පෙරේදා (මැයි 1) දිනයේ නව රෝගීන් 6 දෙනෙකු හා ඊයේ දිනයේ රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව, ඊයේ රාත්‍රිය වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හයලක්ෂ හැත්තෑ දෙදහස් එකසිය අසූ තුන්දෙනෙක් (672,183) දක්වා ඉහළ ගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More