දේශීය පුවත්

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ඇතුළු සියලු දේපළ පෞද්ගලික සමාගම් 14 කට පවරා දීමට නව විදුලිබල මණ්ඩල පනත මගින් යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළ අතර, එහිදී යෝජිත නව විදුලිබල පනතේ පිටපතක් මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කිරීමට ද ඔහු පියවර ගත්තේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට අනුකමිටුවක් පත් කළා. එහි සාමාජිකයින් බොහෝ දෙනෙක් විදුලිබල මණ්ඩලයට සම්බන්ධ ප්‍රවීණයන්. එහිදී කැබිනට් මණ්ඩලය මගින් තීරණය කර තිබුණේ විදුලි සම්ප්‍රේෂණයට හා බෙදාහැරීමට පමණක් අදාළ වන යෝජනා සකස් කිරීමටයි.

මෙම කමිටුව මගින් මේ වනවිට සකස් කර ඇති පනත් කෙටුම්පතේ පිටපතක් රහසිගතව මා අතට පත්වුණා. මෙහි ඉතා භයානක යෝජනා ගණනාවක් ඇතුළත් වෙනවා. මෙම පනතට අනුව විදුලිබල මණ්ඩලයේ සමාගම් පනතට අනුව ආයතන 14 කට කඩලා මණ්ඩලය සතු සියලු නිශ්චල හා චංචල දේපල එම සමාගම්වලට පවරාදීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සියලු විදුලි බලාගාර පුද්ගලික සමාගම් යටතට පත්වෙනවා. එහි ඇති අනතුර මේ පාලකයින්ට නොපෙනීම අවාසනාවක්. දැන් බලමු නොරොච්චෝලේ බලාගාරය. ලංකාවේ විදුලි සැපයුමෙන් 40% ක් නිපදවන්නේ නොරොච්චෝලේ. එහි අයිතිය සමාගමකට පැවරීම මොනතරම් භයානකද?

ඒ වගේමයි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදල් කාර්යයන් ඉටුකිරීමත් එක් සමාගමක් යටතට පැවරීමට යෝජනා වෙලා.

විදුලිබල ඇමැතිවරයා තමන්ගේ සීමාවෙන් පිට කටයුතු කරමින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර ඒ වෙනුවට විදුලිබල කොමිසමක් ඇති කිරීමට මෙම පනතෙන් යෝජනා කර තිබෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More