දේශීය පුවත්

මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ක්‍රියාකලාපයෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංගණය වූ බවත්, ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තමා සහ තම බිරිඳ අමෙරිකාවට ඇතුළුවීමට සුදුසුකම් නොලබන පුද්ගලයන් ලෙස නම්කළ සිද්ධියේදී ජුලී චන්ග් මහත්මිය විසින් සිදු කර ඇති වැරදි චෝදනා හේතුවෙන් තමා වසර 45කට වැඩි කාලයක් රාජ්‍ය සේවකයෙකු ලෙස ඉපැයූ ගෞරවයට සහ කීර්තියට හානි සිදු වූ බව කරන්නාගොඩ මහතා එම ලිපිය මගින් ජුලී චන්ග් මහත්මියට දැනුම් දී තිබේ.

ජූලි චන්ග් මහත්මියගේ ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකා නීතිය යටතේ තමාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද කරන්නාගොඩ මහතා එම ලිපිය මගින් දැනුම් දී ඇත.

තමාට එවැනි තහනමක් පනවා ඇත්තේ නිසි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය නොකර බවත්, කිසිදු චෝදනාවක් පිළිබඳව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් කර නොමැති බවත් ඔහු යැවූ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.

අදාළ ලිපිය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More