‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීම වැලැක්වීමට දුන්නේ යැයි කියන මහා පරිමාණ අල්ලස රුපියල් කෝටි 8000ක මුදල ශ්‍රී ලංකාවේ වාර්ෂික සෞඛ්‍ය වියදමට සමාන බව නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
එවැනි විශාල මුදලක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම චෝදනාව විශ්වාසනීය චෝදනාවක් ද, මෙය වියහැකි දෙයක් ද, වියනොහැකි නම් තවත් ප්‍රශ්න මාලාවක් ජනිත වන බව ද පවසන ජී. එල්. පීරිස් මහතා, මෙය ගොතපු බොරුවක් නම් එවැනි දෙයක් හෙළි කිරීමට හේතුව කුමක්ද යන ගැටලුව මතු වන බවත් සඳහන් කරයි.
මෙය සුරංගනා කථාවක් නම් මෙය එළියට දැම්මේ ජනතා අවධානය වෙනතකට යෙමෙු කිරීම සඳහා වියහැකි බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය යට ගසා ජනතා මනස වෙනස් පැත්තකට යොමු කිරීම මෙහි අරමුණ වියහැකි බවත් ඒ මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...