මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකොට තිබූ බුදුමැදුරකට හා බුදු පිළිමයකට හානිකළ අයෙක් අත්අඩංගුවට ගත් බව කෝකිලායි පොලීසිය පවසයි.
කෝකිලායි පොලීසියට අදාළ බුදුමැදුරට අයෙකු විසින් හානිකරන බවට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂණයකදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අදාළ පුද්ගලයා විසින් බුදුමැදුරේ බිත්ති කිහිපයකට හානිකොට, බුදු පිළිමය බුදුමැදුරෙන් ඉවතට ගෙන පෙරලා දමා හානිකර තිබූ බව වාර්තා වේ.
මෙම ක්‍රියාව සිදුකල පුද්ගලයා එලෙස හානි කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව උඩප්පු ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
(තොරතුරු හා ඡායාරූප – ලංකාදීප)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...