මෙරට කම්කරුවා කිසියම් දේශපාලන කණ්ඩායමක හෝ වෙනත් කණ්ඩායමක නායකත්වයේ වහලෙක් පවට පත්වී ඇති බවත්, කම්කරු නායකත්වයක් මෙරට බිහිවී නැති බවත් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වරයකු හා රජයේ අයුර්වේද සංගමයේ හිටපු සභාපති වරයකු වන වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.
කම්කරුවා යනු තමන්ගේ ශ්‍රමය මත ජීවත්වන පුද්ගලයකු බවත්, ඔහුගේ ශ්‍රමයට නිසි වැටුපක් ලැබිය යුතු බවත් ඒ මහතා පවසයි.
එමෙන්ම වර්තමානයේ කම්කරු දිනය සමරන්නේ දේශපාලන පක්ෂවල සංවිධාන ශක්තිය පෙන්වීම සඳහා මිස පාලකයන්ට අභියෝග කරමින් තමන්ගේ අයිතීන් දිනාගන්නා කම්කරු ශක්තිය එම සැමරුම්වල නොමැති බවද ඔහු පවසයි.
වෘත්තීය සඳහා සමිතියක් නිර්මාණය කිරීම හා එම සමිති සියල්ල ඒකාබාද්ධ කොටගත් සංවිධානයක් සඳහා එක් පොදු ස්ථානයක අවශ්‍ය තාවය ද ඒ මහතා මෙහිදී පෙන්වා දෙයි.
ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...