අමෙරිකාවේ ස්ථාපිත දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක් එක්වී ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් මැයි 18 වන දා ජාත්‍යන්තර ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ වන විට ඒ වෙනුවෙන් ‘ජනමත විචාරණය සඳහා වූ ජනතා ව්‍යාපාරය’ නමින් ක්‍රියාකාරී කමිටුවක් ද පිහිටුවා ඇති බව අන්තර්ජාතික දෙමළ ඊළාම් නමින් පිහිටුවාගෙන ඇති සංවිධානයේ ප්‍රධානි විශ්වනාදන් රුද්‍රකුමාරන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇති බව සඳහන්ය.
18 වන දා පැවැත්වීමට නියමිත මෙම “ජනමත විචාරණය” සඳහා අමෙරිකාවේ ජීවත්වන සියලු දෙමළ ඩයස්පෝරා ජනතාවගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවත් රුද්‍රකුමාරන් පවසා තිබේ.
කුමුදුනි ගුණරත්නම් නම් තැනැත්තිය මෙම කමිටුවේ කැනඩාවේ නියෝජිතවරිය ලෙස කටයුතු කරන බවත්, ශ්‍රී ලාංකික ජාතික ගැටලුව විසඳිය හැක්කේ ජාත්‍යන්තර ජනමත විචාරණයක් මගින් පමණක් බවත්, එම ජනමත විචාරණය ජාත්‍යන්තරය මගින් අධීක්ෂණය කළ යුතු බවත් රුද්‍රකුමාරන් මෙහිදී පවසා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...