දේශීය පුවත්

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා ඇත්තේ අරගලය පැවති සමයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ජනාධිපතිවරයාගෙන් විධිමත් ඉල්ලීමක් දැනටමත් කර ඇති බවත් ජනාධිපතිවරයා ඒ සඳහා සාධනීය පිළිතුරක් ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් හෙතෙම සඳහන් කර තිබේ.

අරගලය සමයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව නිහඬව කටයුතු කළේ ඇයි ද යන්න ප්‍රශ්නයක් බවත්, ඒවාට නියෝග ලබා දුන්නේ කවුරුන් ද යන්න සෙවිය යුතු බවත් සඳහන් කරන ඇමැතිවරයා, මේ සඳහා මුදල් වියදම් කරමින් සහයෝගය ලබා දුන්නේ කවුද යන්න විමර්ශනය කළ යුතු බවත් පවසයි.

රටේ ජනතාව කුපිත කරමින් රටේ සියලු කටයුතු අකර්මණ්‍ය කරන ලද මෙම අරගලය ගැන සත්‍ය තොරතුරු සොයා බැලිය යුතු බවද, එවැනි තත්ත්වයකට රට පත් කළ පුද්ගලයන්ට දඬුවම් ලබා දීමට පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More